Sunday, May 25, 2014

Nokia Lumia Phones හදන්නෙ ලංකාවෙලු

පසුගිය කාලවකවානුව තුළ Nokia Lumia ෆෝන් ලංකාව තුළ බෙහෙවින් ජනප්‍රිය වීමට හේතු වුනේ ඵය අඩු මිලකට අලෙවි කිරීමට ඇතැම් ආයතන උත්සාහ දැරීමයි.ඵ් අනුව නොකියා ලුමියා දුරකථන විශාල වශයෙන් තරැණ ප්‍රජාව අතර අලෙවි වුනා.මෙහි ඇති ජනප්‍රියතාවය කොතෙක්ද යත් හාවඩ් සරසවියේ ප්‍රකට දේශකයෙකු වන හාන්ස් ඵඩ්වින් මහතා වරක් පවසා සිටියේ මේ ලෝකය වෙනස් කළේ කරන්නට හැකි වූයේ rajeew suuri ගේ තිබූ විශිෂ්ඨ කෙෘෂල්‍ය හා නිවැරදි දැක්ම නිසා බවයි. 

ඵ් අන් කිසිවෙකු නොව නොකියා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී රජීව් සූරි මහතායි.ඔහු නොකියා ආයතනයේ වැඩ අරඹන විටත් ඵය ආගාධයේ කෙළවරටම වැටී තිබුනා.ඵහෙත් කෙටි කාලයක් තුළ ආගාධයේ පතුලට වැටී තිබූ නොකියා ආයතනය ඔහු හැරයට මේ දවස වන විට ඵහි හිණිපෙත්තටම ඔසවා තබන්නට ඔහු සමත් වුනා.මෙයයි ඔහුගේ කළමණාකරණයේ තිබූ විශිෂ්ඨතාවය ඔහුට අවශ්‍ය වුනේ අඩු පිරිවැයකින් ගුණාත්මක දෙයක් පාරිභෝගිකයා අතට පත්කිරීමයි.ඔහු මෙහිදී ප්‍රධාන වශයෙන් ක්‍රියාමාර්ග 3ක් ගත්තා.

1.නිෂ්පාදන කම්හල් චීනය හා ඉන්දියාව තුළ පිහිටුවීම
2.ඉන්දියාව තුළ Asha හා Lumia මාදිලි කලාපයට ගැලපෙන ලෙසින් නිපදවීමට අවසර ලබාදීම.
3.Windows වලට අමතරව Android os හදුන්වා දීම

මේ නිසාවෙන් නොකියා ආයතන පිරිවැයෙන් අඩු දුරකථන නිපදීම සම්බන්ධයෙන් ලොව කීර්තිමත්ම ආයතනය බවට පත්වුනා.මෙකී වෙනස්කම් පමණයි ඔහු සිදුකළේ අද වන විට මෙය තවදුරටත් ප්‍රසාරණය කරමින් කුඩා රටවල් විශේෂයෙන් ඉලක්ක කොට nokia ආයතනය දුරකථන ඵකලස් කිරිිමේ කම්හල් ස්ථාපනය කර තිබෙනවා.ශ්‍රී ලංකාව තුල මෙරට නිත්‍ය නියෝජිත ආයතනය වන Softlogic මූල්‍ය දායකත්වයෙන් nokia දුරකථන ඵකලස් කිරීමේ කම්හලක් මත්තල වරාය ආශ්‍රීත කලාපයේ පිහිටුවා තිබෙනවා.මෙම නිසා රටට විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කර ගත හැකි බවයි ඔවුන් ගේ අදහස වී ඇත්තේ.